ලංගම කොන්දොස්තරවරයෙකුට ප්‍රයිවට් කොන්දොස්තරවරයෙකුගෙන් පහරදීමක්

ලංකා ගමනාගමන මණ්ඩලයේ ගිරිඋල්ල ඩිපෝවට අයත් බස් රථයක සේවය කරන කොන්දොස්තරවරයෙකුට පුද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු විසින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

දංකොටුව පොලීසිය පැවසුවේ ඊයේ පස්වරු 06ට පමණ දංකොටුව – දළුවෙල ප්‍රදේශයේ දී මෙම පහරදීම සිදු වී ඇති බවයි.

පහරකෑමට ලක්ව ඇත්තේ දසනායක මුදියන්සේලාගේ මධුසංඛ දසනායක නම් අයෙක්.

ගිරිඋල්ල ඩිපෝවට අයත් බස් රථයක් ඊයේ සවස 6.55 ට මීගමුවෙන් කුරුණෑගල බලා ගමන් ආරම්භ කර ඇති අතර, එම බස් රථය අතරමග දී කාර්මික දෝෂයකට ලක් ව තිබෙනවා.

පසුව බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර විසින් බස් රථයේ ඇති වූ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත් කරගෙන නැවත කුරුණෑගල බලා ගමන් කිරීමට පටන් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අතරතුර පසුපසින් මීගමුවේ සිට කුරුණෑගල බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් ද පැමිණ තිබෙනවා.

පහරදීම සිදු කර ඇත්තේ එම බස් රථයේ කොන්දොස්තරවරයා බවටයි පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත්තේ.

ලංගම බස් රථය ප්‍රමාද වී ධාවනය කිරීම පහරදීමට හේතුව බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් පහර දුන් සැකකාර කොන්දදොස්තරවරයා අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් දංකොටුව පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48


?