AFC Banner
Empty Ad
Empty Ad

ලංකාවේ විදෙස් ණය ගැන උපදෙස් දෙන්න ජාත්‍යන්තර ආයතන 03ක් ඉදිරිපත් වෙයි

මෙරට ඩොලර් බිලියන 12 ක් පමණ වන විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මූල්‍ය උපදෙස් සැපයීමට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ආයතන 3 ක් ඉදිරිපත්වී සිටින බව වාර්තාවනවා. එවැනි මූල්‍ය සහ නීති උපදේශකයන්ගෙන් මහ බැංකුව මීට පෙර අයදුම් කැඳවා තිබුණා.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි අයර්ස් ආයෝජන කළමනාකරණ සමාගම, ඩිසිෂන් බවුන්ඩ්රීස් සහ පෙරෙල්ලා වෙයින්බර්ග් යන ජාත්‍යන්තර මූල්‍ය උපදේශකයන් ඒ සඳහා සිය අභිලාෂය පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව පසුගියදා තීරණය කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහනකට එළඹෙන තුරු සිය විදේශ ණය ගෙවීම් තාවකාලිකව අත්හිටුවීමටයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ මෙරට බැංකු සහ මූල්‍ය පද්ධති අවදානම් තත්වයක පවතින බවයි. ඊට කඩිනම් පිළියම් ලබාදිය යුතු බව ඔහු ප්‍රකාශ කළේ බැංකුකරුවන් සමඟ කොළඹදී ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?