ලංකාවේ විදෙස් ණය ගැන උපදෙස් දෙන්න ජාත්‍යන්තර ආයතන 03ක් ඉදිරිපත් වෙයි

මෙරට ඩොලර් බිලියන 12 ක් පමණ වන විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මූල්‍ය උපදෙස් සැපයීමට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ආයතන 3 ක් ඉදිරිපත්වී සිටින බව වාර්තාවනවා. එවැනි මූල්‍ය සහ නීති උපදේශකයන්ගෙන් මහ බැංකුව මීට පෙර අයදුම් කැඳවා තිබුණා.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි අයර්ස් ආයෝජන කළමනාකරණ සමාගම, ඩිසිෂන් බවුන්ඩ්රීස් සහ පෙරෙල්ලා වෙයින්බර්ග් යන ජාත්‍යන්තර මූල්‍ය උපදේශකයන් ඒ සඳහා සිය අභිලාෂය පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව පසුගියදා තීරණය කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහනකට එළඹෙන තුරු සිය විදේශ ණය ගෙවීම් තාවකාලිකව අත්හිටුවීමටයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ මෙරට බැංකු සහ මූල්‍ය පද්ධති අවදානම් තත්වයක පවතින බවයි. ඊට කඩිනම් පිළියම් ලබාදිය යුතු බව ඔහු ප්‍රකාශ කළේ බැංකුකරුවන් සමඟ කොළඹදී ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17
Video thumbnail
රාජපක්ෂලා වැරදි කරලා නම් ම#රණ දඬුවම් දුන්නත් කමක් නෑ
05:29
Video thumbnail
රට පුරා ප්‍රදේශ රැසකට අදත් තද වැසි
03:03
Video thumbnail
ප්‍රසිද්ධ පාසලක මත් ජාවාරම් කරන ගුරුවරු, විදුහල්පතිතුමියව එළවන්න හදනවා
05:42