ලංකාවේ ප්‍රථම වතාවට ලාදුරු වැළදුණු රිලවෙකු හමුවෙයි

ලංකාවේ ප්‍රථම වතාවට ලාදුරු රෝගය වැලඳුණු වනගත රිළවකු සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයේදී පසුගිය 08 වෙනිදා සොයාගත් බව සෞඛ්‍ය අංශ පවසනවා.

දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් බිම වැටී සිටි රිළවකු ගම්වැසියකු විසින් ඇතිමලේ වනජීවි නිලධාරීන්ට භාරදී ඇති අතර තිබූ රෝග ලක්ෂණ මත වනජීවි නිලධාරීන් මොණරාගල ලාදුරු මර්දන ඒකකයට මේ බව දැනුම් දී ඇත.

පසුව රිළවා මියගොස් ඇති අතර කරන ලද එස්.එස්.එස්. (Slit Skin Smear) නමැති පරීක්ෂණයේදී මෙය ලාදුරු බවට තහවුරු වූ බව එම නිලධාරීන් සඳහන් කළේ.

සතාගේ සිරුරේ කොටස් ලාදුරු වැලඳුණු රෝගියකුගේ මෙන් කෑලිවලට ගැලවී යන බවත් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සිරුරේ කොටස් කොළඹ ලාදුරු මර්දන ඒකකය වෙත යැවීමට කටයුතු කරන බව සෞඛ්‍ය අංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ.

මේ සඳහා මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ලාදුරු මර්දන ඒකකය, සියඹලාණ්ඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා වනජීවි නිලධාරීන් සහභාගි වී ඇත. එම ප්‍රදේශයේ අනෙකුත් රිළවුන්ද මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවද ඔවුහු සඳහන් කර සිටියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47