ලංකාවේ පළමු වරට පත්වූ නි‌යෝජ්‍ය පොලිස්පතිනියට පොලිසියෙන්ම පෙත්සමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරිය වූ බිම්ෂානි ජාසිංහ ආරච්චි මහත්මිය එම තනතුරට පත්වීම බල රහිත කරන්නැයි ඉල්ලා ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

ඇයගේ පත්වීමට අභියෝග කරන මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 32ක් විසිනි. පෙත්සම්කරු කියා සිටින්නේ පොලිස්පති සහ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය උඩ ලබා දී ඇති ඇයගේ පත්වීම උසස් පොලිස් නිලධාරීන් බඳවා ගැනීමේ පටිපාටියට පටහැනි බවයි.

කාන්තාවන් නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් කිරීමට අදාළ රෙගුලාසිවලින් ප්‍රතිපාදන සලස්වා නැති බවත් කාන්තාවන් යන වචනය එහි සඳහන් වන්නේ නැති බවත් ඒ නිසා කාන්තාවකට ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය පොලිස්පති තනතුරක් දැරිය නොහැකි බවත් පෙත්සමේ සඳහන් කර ඇත. පෙත්සම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ හෙට (අඟහරුවාදා) කැඳවීමට නියමිතය.

සරත් ධර්මසේන

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09