ලංකාවේ ජාතික කොඩිය පාපිස්සක

අන්තර්ජාලය මගින් භාණ්ඩ අලෙවි කරන ලොව ප්‍රමුඛ ආයතනයක් වන ඇමසන් ආයතනය ශ්‍රී ලංකා ජාතික කොඩිය සහිත පාපිස්නාවක් (Doormat) වෙළෙඳපළට නිකුත් කර ඇත.

ඇමරිකාවේ වොෂින්ටනය මූලස්ථානය කරගත් ‘ඇමසන්’ ආයතනයේ amazon.com ‌වෙබ් අඩවිය ඇමරිකානු ඩොලර් දොළහකට එය මිලකර තිබේ.

අන්තර් ජාලය මගින් ලොව පුරා භාණ්ඩ විකුණන මෙම ආයතනය සිංගප්පූරුවේ සිට මෙම පාපිස්න ලොව පුරා බෙදා හැරීම කරන අතර මෙරටට එවීම සඳහා ඇමරිකානු ඩොලර් 9.20ක නැව් ගාස්තුවක්ද අයකරන බව සඳහන් කර ඇත.

ඇමසන් සමාගමේ වාර්ෂික පිරිවැටුම ඇමරිකානු ඩොලර් බිලියන 21 ඉක්මවයි. සේවකයින් දොළොස් ලක්ෂ අනූඅටදාහක් එම ආයතනයේ සේවය කරති.

පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ​මේජර් ජනරාල් ශාන්ත දිසානායකගෙන් කළ විමසුකදී පැවසුවේ මෙය ශ්‍රී ලංකා වෙළෙඳපොළට නිකුත් කරන්නේ නම් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග ගැන අවශ්‍ය බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

264982 0 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?