ලංකාවත් හවුල් කරගෙන ඉන්දියානුවෙක් සිදුකළ අධි සුඛෝපභෝගී මෝටර් රථ ජාවාරමක් ගැන අනාවරණයක්

අධි සුඛෝපභෝගී මෝටර් රථ 30 කට වඩා වැඩි ප්‍රමාණයක් වංචා සහගත ලෙස ඉන්දියාවට ගෙන්වමින් ඉන්දීය රුපියල් කෝටි 100ක රේගු බදු පැහැර හැරීමේ වංචාවකට සුඛෝපභෝගී මෝටර් රථ අලෙවිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ගුජරාටයේ සහ හයිද්‍රාබාද් හි පිහිටි සුඛෝපභෝගී මෝටර් රථ අලෙවි ආයතනයක් වන ‘කාර් ලවුන්ජ්’ හි හිමිකරුවන බෂාරත් ඛාන් නැමැත්තා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම පුද්ගලයා ශ්‍රී ලංකාව හා ඩුබායි ඔස්සේ ඉන්දියාවට මෙම අධි සුඛෝපභෝගී මෝටර් රථ ගෙන්වා ඇති බවයි අනාවරණය කරගෙන ඇත්තේ.

රොල්ස් රොයිස්, ලෙක්සස්, හමර් ඊවී, ලින්කන් නැවිගේටර් සහ ටොයොටා ලෑන්ඩ් කෘසර් මාදිලිවල අධි සුඛෝපභෝගී වාහන වාහනේ නියම මිලෙන් 50%ක් පමණ අඩුවෙන් ව්‍යාජ ලිපි ලේඛන සකස් කර ඉන්දියාවට ආනයනය කිරීමට සැකකරු කටයුතු කර ඇති බව ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

මෙම සුඛෝපභෝගී මෝටර් රථ මුලින් ඇමරිකා එක්සත් ජනපදයෙන් හෝ ජපානයෙන් ඩුබායි හෝ ශ්‍රී ලංකාවට ආනයනය කර, එහිදී ඉන්දියානු පරිශීලකයින්ගේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි වම් පසින් ධාවනය වන මෝටර් රථයෙන් දකුණු පසින් ධාවනය වන මෝටර් රථයට මාරු කර මෙලෙස බදු වංචා කරමින් ඉන්දියාවට යළි ආනයනය කරන බවයි වාර්තා වන්නේ.

විමර්ශන නිලධාරීන් පවසන්නේ, බෂාරත් ඛාන්ගේ ව්‍යාපාරය දේශපාලන සම්බන්ධතා කිහිපයක් සමඟ සම්බන්ධ වී ඔවුන්ට සුඛෝපභෝගී වාහන විකිණීමෙන් පසු ආරම්භ වූ එකක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47