ලංකාවට පැමිණ යළි ඇමරිකාවට ගිය FBI ඉහළ නිලධාරියකු අත්අඩංගුවට

ඇමරිකානු හිටපු එෆ්.බී.අයි ඉහළ නිලධාරියකු ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සංචාරයක් අවසන් කර නැවත ඇමරිකාවට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චාල්ස් මැක්ගොනිගල් නැමැති මෙම හිටපු එෆ්.බී.අයි නිලධාරියා එරටට පැමිණි අවස්ථාවේ දී එෆ්.බී.අයි නිව් යෝර්ක් ක්ෂේත්‍ර කාර්යාලය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුසියානු බිලියනපතියකු වන ඔලෙග් ඩෙරිපස්කා සමඟ සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් මොහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඇමරිකානු එක්සත් ජනපදය විසින් ඔලෙග් ඩෙරිපස්කාට එරෙහිව සම්බාධක පනවා ඇති රුසියානු ජාතිකයෙක් වනවා.

ඒ අනුව පනවා ඇති සම්බාධක උල්ලංඝනය කිරීම හේතුවෙන් චාල්ස් මැක්ගොනිගල් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

චාල්ස් මැක්ගොනිගල් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සංචාරයක් අවසන් කර පසුගිය (21) වැනිදා ජෝන්.එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පැමිණි අවස්ථාවේ දී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.

අනතුරුව ඔහු මැන්හැටන් අධිකරණය හමුවට පසුගිය 23 වනදා ඉදිරිපත්කර ඇති අතර, එහිදී ගොනුකර තිබූ චෝදනා හතර සඳහා තමන් නිවැරදිකරු යැයි ප්‍රකාශ කර ඇති බව සඳහන්.

එහිදී ඔහුට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 05ක බැඳුම්කරයක් ඇපලබා දීමටත් සංචාරක සීමා පැනවීමටත් විනිසුරුවරයා විසින් නියෝග කර තිබෙනවා.

එමෙන්ම චාල්ස් මැක්ගොනිගල්ට ඔලෙග් ඩෙරිපස්කා මුණගැසීම ද තහනම් කිරීමටයි නියෝග කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ නඩුව නිසා ආණ්ඩුවට වෙන දේ ගම්මන්පිල හෙළිකරයි..නඩුවෙන් ඇමතිලා ඔක්කොම වැරදි කරුවන් වෙනවා
07:39
Video thumbnail
රටේ ජනාධිපතිගේ ගෙදරත් විදුලිය නැතිවෙලා
05:58
Video thumbnail
දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ නොසැලකිල්ල නිසා පුංචි පුතෙකුට අත්වූ ඛේදනීය ඉරණම..අම්මා කියලා කෑගහන හැටි
02:25
Video thumbnail
නාමල් ආණ්ඩුවට දාපු කින්ඩිය l Namal Rajapaksha
14:16
Video thumbnail
ආනන්ද පාලිතට නහුතෙටම තදවෙලා ගිවිසුම් ඉරා දමයි..මුන්ට හෙ# ග#න්න ඕනි..මුන්ව හිරේ දාන්න ඕනි නැද්ද..
05:01
Video thumbnail
සිලින්ඩරයක් උස්සන් ආ අපිලාගේ සාදු ආණ්ඩුව සැරටම අමතයි
02:57
Video thumbnail
ජනපතිගේ වීඩියෝවක් පෙන්නලා විමල් ජනපතිට රිදෙන්නම දෙයි
10:16
Video thumbnail
චමින්දට නහුතෙටම තදවෙයි - ඇමතිලා හිරේ දාන්න..හිරිකිතයක් නැතුව පරණ ඉන්ධන, ගෑස් වැඩි මිලට විකුණනවා..
07:06
Video thumbnail
විදුලි සේවකයින් "මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"..100%ක් විදුලිබිල වැඩි කරන්න වෙයි
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55