ලංකාවට එරෙහි ව යුද අපරාධ සාක්ෂි එකතු කිරීමට බාහිර යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වනවා

බෙදුම්වාදී යුද්ධයේ දී සටන් පෙරමුණේ සිටි රණවිරුවන් විසින් යුද අපරාධ සිදු කරන ලදැයි චෝදනා කර එම විරුවන්ට සහ දේශපාලන නායකත්වයට එරෙහි ව යුද අපරාධ සාක්ෂි එකතු කිරීම සඳහා බාහිර යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති සරත් වීරසේකර පවසනවා.

සභාපතිවරයා මේ බව පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා (05) රැස් වූ අවස්ථාවේ දී යි.

මෙරට පැවති බෙදුම්වාදී යුද්ධයේ දී සටන් පෙරමුණේ සිටි රණවිරුවන් විසින් යුද අපරාධ සිදු කරන ලදැයි චෝදනා කර එම විරුවන්ට සහ දේශපාලන නායකත්වයට එරෙහි ව යුද අපරාධ සම්බන්ධ ව සාක්ෂි එකතු කිරීම සඳහා බාහිර යාන්ත්‍රණයක් අවුරුදු 2ක සිට ස්විට්සර්ලන්තයේ ජිනීවා හි 46/1 යෝජනාව අනුව පිහිටුවා ඇති බවයි වීරසේකර මහතා පෙන්වා දුන්නේ.

එම යාන්ත්‍රණය විසින් මෑතක දී ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක දක්වා ඇත්තේ මෙරට හමුදා නායකයන්ට එරෙහි ව සැලකිය යුතු සාක්ෂි ප්‍රමාණයක් ඔවුන් සතු ව ඇති බවයි.

මෙලෙස යුද අපරාධ සිදු කරන ලදැයි සාක්ෂි ලැබී ඇති මෙරට හමුදා නායකයන්ට එරෙහි ව සර්ව ලෝක අධිකරණ බලය යටතේ අදාළ රටවල සහ ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරීම සඳහා දැනට රටවල් කිහිපයක් ඒකාබද්ධ ව කටයුතු කරමින් පවතින බවත් ඊට අවශ්‍ය කටයුතු මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් පවතින බව ද සභාපතිවරයා අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40