ලංකාවට එන ගුවන් යානයක භාණ්ඩ රඳවනයට ගොඩවෙන්න හැදූ පුද්ගලයා නිසා සිඩ්නි ගුවන්තොටේ කලබලයක්

ගුවන්තොටුපළ ආරක්ෂාව කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා පසුගිය සිකුරාදා සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට අනවසරෙන් ඇතුළු වී ඇති අතර, එහිදී ඔහු ශ්‍රී ලංකාව බලා ගමන් ගැනීමට තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක භාණ්ඩ රඳවන කොටසට ගොඩවීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ගමන් මළු හසුරුවන්නන් විසින් 30 හැවිරිදි මෙම නාඳුනන පුද්ගලයාව ව්‍යර්ථ කර ඇති බවයි ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය වාර්තා කළේ.

අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයාට එරෙහිව ගුවන්තොටුපළ ආරක්ෂාව කඩ කරමින් ගුවන් තොටුපළේ සීමා සහිත ප්‍රදේශ උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් එරට උසාවියේ නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු, සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් එම පුද්ගලයාට මාස 12ක ගුවන් තොටුපොළ තහනමක් ද පනවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?