ලංකාවට එන්න යන ඉන්දියන් රුපියල

මෙරට සිටින ඉන්දීය ජාතිකයන්ට ඇමෙරිකානු ඩොලර් 10000 ක අගයකට සමාන ඉන්දීය රුපියල් ප්‍රමාණයක් භෞතික වශයෙන් ළඟ තබා ගැනීමට ඉන්දීය රජය අවසර දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ඇති වී තිබෙන ඩොලර් හිඟය මග හරවා ගැනීමට අවශ්‍ය ද්‍රවශීලි සහාය මෙම තීරණය මගින් ශ්‍රී ලංකාවට ලැබෙනු ඔවුන් විශ්වාස කරනවා.

කෙසේවෙතත් ඉන්දීය රුපියල් ශ්‍රී ලංකාවේ නිල මුදල් ඒකකයක් නොවූවත් ශ්‍රී ලංකාව, ඉන්දීය රුපියල් මුදල් ඒකකය ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ඒකකයක් වශයෙන් නම් කරන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ඉන්දීය මධ්‍යම රජය මෙම තීරණය ගෙන ඇත.

ඉන්දීය රුපියල ආසියාතික රටවල ප්‍රසිද්ධ කරමින් ඩොලරයේ යැපීම අඩු කිරීම සඳහා ඉන්දීය මධ්‍යම රජය දරන උත්සාහයේ එක් පියවරක් ලෙස මෙය හැඳින්විය හැක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?