AFC Banner
Empty Ad
Empty Ad

රෝහිත, එස්.එම් හා පවිත්‍රාගේ පක්ෂ සාමාජිකත්ව අහෝසි කෙරේ (වීඩියෝ හා නිවේදනය)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ලිපිය මන්ත්‍රීවරයා වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බවයි පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේ.

ඊට අමතරව එම පක්ෂයේ භාණ්ඩාගාරික ධුරයේ කටයුතු කළ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය ද අත්හිටුවා තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් චන්ද්‍රසේන මහතාගේ ද පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට කටයුතු කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
23
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?