Empty Ad
AFC Banner
Empty Ad

රෝහිත් ශර්මා මුම්බායි ඉන්දියන්ස් අතහැර අලුත් කණ්ඩායමකට

2025 අයි.පී.එල්. තරග වාරයේ දී රෝහිත් ශර්මා මුම්බායි ඉන්දියන්ස් අතහැර නව කණ්ඩායමක් සඳහා ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් 2025 මෙගා වෙන්දේසියේ දී බොහෝ ප්‍රමුඛ ක්‍රීඩකයින් නව ෆ්‍රැන්චයිස්වලට සම්බන්ධ වීමට අපේක්ෂා කෙරෙන බවයි වාර්තා වන්නේ.

එලෙස පවතින කණ්ඩායම් වලින් ඉවත් වී නව කණ්ඩායම් සමඟ සම්බන්ධවන ක්‍රීඩක නම් අතර රෝහිත් ෂර්මා පෙරමුණේ සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර අයි.පී.එල්. 2024 වාරයට පෙර, මුම්බායි ඉන්දියන්ස් සමඟ හිට්මෑන්ගේ පසුබෑම ප්‍රසිද්ධ රහසක්.

ඔහු වෙනුවට හර්දික් පාණ්ඩ්‍යා කණ්ඩායමේ නායකයා ලෙස පත් කරන ලද අතර, මෙම වෙනසට ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩකයාට සහ මුම්බායි ප්‍රධානීන්ට රසිකයන්ගෙන් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් බොහෝ විවේචන එල්ල වුණා.

මේ අතර රෝහිත් ශර්මා ඔහුට ඇති සන්නාම වටිනාකම අනුව, මෙවර වෙන්දේසිට පැමිණියහොත් වෙන්දේසියේ දී ඔහුට ගැලපෙන කණ්ඩායම් හිඟ නොවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ෆ්‍රැන්චයිස් කණ්ඩායම්වලට ක්‍රීඩකයින් හය දෙනෙකුට වඩා රඳවා ගැනීමට ඉඩ නොදෙන බැවින්, රෝහිත් ඊළඟ වාරයේ නව කණ්ඩායමක් සඳහා ක්‍රීඩා කිරීමේ වැඩි සම්භාවිතාවක් පවතිනවා.

මේ අතර රෝහිත් සම්බන්ධයෙන් වැඩි අවදානයක් තවමත් අයි.පී.එල් ශූරතාව දිනා නොමැති පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් යොමුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ශිකර් ධවාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමත් සමඟ එම කණ්ඩායමේ නායකතත්වයේ සහ ආරම්භක පිතිකරණ භුමිකාවේ මේ වනවිට පුරප්පාඩුවක් පවතිනවා.

එබැවින්, මෙගා වෙන්දේසියේ දී එම අඩුව පුරවාගැනීමට රෝහිත් ශර්මාව මිල දී ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ඉහළ උනන්දුවක් දක්වනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?