රෝහිත් ශර්මා මුම්බායි ඉන්දියන්ස් අතහැර අලුත් කණ්ඩායමකට

2025 අයි.පී.එල්. තරග වාරයේ දී රෝහිත් ශර්මා මුම්බායි ඉන්දියන්ස් අතහැර නව කණ්ඩායමක් සඳහා ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් 2025 මෙගා වෙන්දේසියේ දී බොහෝ ප්‍රමුඛ ක්‍රීඩකයින් නව ෆ්‍රැන්චයිස්වලට සම්බන්ධ වීමට අපේක්ෂා කෙරෙන බවයි වාර්තා වන්නේ.

එලෙස පවතින කණ්ඩායම් වලින් ඉවත් වී නව කණ්ඩායම් සමඟ සම්බන්ධවන ක්‍රීඩක නම් අතර රෝහිත් ෂර්මා පෙරමුණේ සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර අයි.පී.එල්. 2024 වාරයට පෙර, මුම්බායි ඉන්දියන්ස් සමඟ හිට්මෑන්ගේ පසුබෑම ප්‍රසිද්ධ රහසක්.

ඔහු වෙනුවට හර්දික් පාණ්ඩ්‍යා කණ්ඩායමේ නායකයා ලෙස පත් කරන ලද අතර, මෙම වෙනසට ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩකයාට සහ මුම්බායි ප්‍රධානීන්ට රසිකයන්ගෙන් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් බොහෝ විවේචන එල්ල වුණා.

මේ අතර රෝහිත් ශර්මා ඔහුට ඇති සන්නාම වටිනාකම අනුව, මෙවර වෙන්දේසිට පැමිණියහොත් වෙන්දේසියේ දී ඔහුට ගැලපෙන කණ්ඩායම් හිඟ නොවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ෆ්‍රැන්චයිස් කණ්ඩායම්වලට ක්‍රීඩකයින් හය දෙනෙකුට වඩා රඳවා ගැනීමට ඉඩ නොදෙන බැවින්, රෝහිත් ඊළඟ වාරයේ නව කණ්ඩායමක් සඳහා ක්‍රීඩා කිරීමේ වැඩි සම්භාවිතාවක් පවතිනවා.

මේ අතර රෝහිත් සම්බන්ධයෙන් වැඩි අවදානයක් තවමත් අයි.පී.එල් ශූරතාව දිනා නොමැති පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් යොමුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ශිකර් ධවාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමත් සමඟ එම කණ්ඩායමේ නායකතත්වයේ සහ ආරම්භක පිතිකරණ භුමිකාවේ මේ වනවිට පුරප්පාඩුවක් පවතිනවා.

එබැවින්, මෙගා වෙන්දේසියේ දී එම අඩුව පුරවාගැනීමට රෝහිත් ශර්මාව මිල දී ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ඉහළ උනන්දුවක් දක්වනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31