AFC Banner
AFC Banner
Empty Ad

රෝහිත් ශර්මාගෙන් හයේ වාර්තාවක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සමඟ ඊයේ (22) පැවති තරගය කඩුලු 04කින් ජයගන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

මේ අතර මෙම තරගයේ දී එක්දින පිටියේ වාර්තාවක් අලුත් කරන්නට ඉන්දීය නායක රෝහිත් ශර්මාට හැකියාව ලැබුණා.

ඒ, කැලැන්ඩර වර්ෂයක දී එක්දින පිටියේ හයේ පහර 50ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එල්ල කළ පළමු ඉන්දීය ක්‍රීඩකයා බවට පත්වෙමින්.

රෝහිත් ශර්මා මෙම වසරේ මේ දක්වා ක්‍රීඩාකර ඇති එක්දින තරගවල දී හයේ පහර 53ක් එල්ල කර තිබෙනවා.

රෝහිත්ට පෙර කැලැන්ඩර වර්ෂයක් තුළ එක්දින පිටියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කර තිබුණේ දකුණු අප්‍රිකාවේ ඒබී ඩිවිලියර්ස් සහ බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් පමණයි.

ඒබී ඩිවිලියර්ස් 2015 වර්ෂයේ දී හයේ පහර 58ක් එල්ල කර තිබූ අතර, 2019 වර්ෂයේ දී ක්‍රිස් ගේල් එක්දින පිටිය තුළ හයේ පහර 56ක් එල්ල කර තිබුණා.

මේ අතර ඊයේ තරගයේ දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වැඩිම හයේ පහර සංඛ්‍යවක් රෝහිත්ගේ පිත්තෙන් වාර්තා වූ අතර, එම සංඛ්‍යාව 04ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?