රෝහිත් ශර්මාගෙන් හයේ වාර්තාවක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සමඟ ඊයේ (22) පැවති තරගය කඩුලු 04කින් ජයගන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

මේ අතර මෙම තරගයේ දී එක්දින පිටියේ වාර්තාවක් අලුත් කරන්නට ඉන්දීය නායක රෝහිත් ශර්මාට හැකියාව ලැබුණා.

ඒ, කැලැන්ඩර වර්ෂයක දී එක්දින පිටියේ හයේ පහර 50ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එල්ල කළ පළමු ඉන්දීය ක්‍රීඩකයා බවට පත්වෙමින්.

රෝහිත් ශර්මා මෙම වසරේ මේ දක්වා ක්‍රීඩාකර ඇති එක්දින තරගවල දී හයේ පහර 53ක් එල්ල කර තිබෙනවා.

රෝහිත්ට පෙර කැලැන්ඩර වර්ෂයක් තුළ එක්දින පිටියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කර තිබුණේ දකුණු අප්‍රිකාවේ ඒබී ඩිවිලියර්ස් සහ බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් පමණයි.

ඒබී ඩිවිලියර්ස් 2015 වර්ෂයේ දී හයේ පහර 58ක් එල්ල කර තිබූ අතර, 2019 වර්ෂයේ දී ක්‍රිස් ගේල් එක්දින පිටිය තුළ හයේ පහර 56ක් එල්ල කර තිබුණා.

මේ අතර ඊයේ තරගයේ දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වැඩිම හයේ පහර සංඛ්‍යවක් රෝහිත්ගේ පිත්තෙන් වාර්තා වූ අතර, එම සංඛ්‍යාව 04ක්.

  1. INDIAN EWUN THARAM KAPATI DURA DAKINA JATHIYAK ASIYAWEMA NAHE. UNGE KAPATI MOLA KUDU KARANA KAPATI KAMA THIBUNA UN MEHE HITIYA. UN T20 GENAWEMA ODI0 WINASA KARANNA. UN IPL GENAWEMA MULU LOKEMA DAKSHA EWUN KETI KALEKATA SALLI DEELA ARAGENA UNGE TRICKS, SECRETS HOYA GANNA. EKA UN KALA. DAN LOKE KISI RATAKATA THAWA KALWKATA UNAWA PARADDANNA BAHE. APITA ARJUNA WAGEYI EKEK HITYA NAM AYE MUNWA KUDU KARAYI.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14