රෝහිතගේ දුවගේ දේපළ තහනම් කිරීමේ නියෝගයක් ලබාගැනීමට පොලිසියේ සූදානමක්

මේ වනවිට පොලිසිය මඟ හැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය පොලීසියට භාර නොවන්නේ නම් ඇයට අයත් දේපළ තහනම් කිරීමේ නියෝගයක් ලබා ගන්නා බව පොලීසිය පවසනවා.

මේ අතර ඇය සහ ඇයගේ සැමියා රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇති ස්ථාන කිහිපයක් පොලිසිය පරීක්ෂා කළ ද එම කිසිදු ස්ථානයක සිටිය දී ඔවුන් සොයාගැනීමට හැකි වී නැහැ.

අවස්ථා කිහිපයකින් එකලස් කරන ලද ජීප් රථයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා.

අදාළ නීතී විරෝධීව ජීප් රථය සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා පසුගිය දා අත්අඩංගුවට ගැනුණු අතර, ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.

එම නීතී විරෝධී ජීප් රථය පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණියගෙන් මිල දී ගෙන තිබුණේ පසුගිය 2024 වසරේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
33
+1
2
+1
4
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17