AFC Banner
AFC Banner
Empty Ad

රෝහලේ නේවාසික රෝගීන් සහ ඥාතීන් ලග මත්ද්‍රව්‍ය තිබී හසුවෙයි

යාපනය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගීන් හා එම රෝගීන් බැලීම සදහා පැමිණෙන ඥාතීන් සතුව තිබි මත් පැන් මත් පෙති ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සෙයා ගත් බව යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටි. සත්‍යමුර්ති මහතා පවසනවා.

පසුගියදා රෝගීන් හා ඔවුන් බැලීම සදහා පැමිණෙන ඥාතීන්ගේ ගමන් මළු හදිසි පරීක්ෂාවකට ලක් කොට ඇති අතර එහිදී අදාල මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

රෝහල තුළ මත්ද්‍රව්‍ය භාවිතාකරණු ලබන බවට ලද පැමිණිලි අනුව රෝහල් ආරක්ෂක නිළධාරීන් යොදවා මෙම හදිසි පරීක්ෂාව සිදු කොට තිබෙනවා.

මෙහිදී මත්පැන් බෝතල් 03 ක් මත් පෙති හා මත් බුලත් විට තොගයක් සොයාගෙන ඇති අතර එහිදී ඇතැම් රෝගීන් සදහා උපස්ථායකයන් වශයෙන් පැමිණ සිටින පුද්ගලයින් තදින් මතට ඇබ්බැහිවුවන් බවටද හදුනාගත් බව රෝහල් අධ්‍යක්ෂක වරයා පවසයි.

රෝහල තුළ ඉදිරියේ මෙවන් ක්‍රියා වල නිරත වන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ සදහා පොලීසිය සමග සාකච්ජා කොට ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් රෝහල් අධ්‍යක්ෂක වරයා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති යාපනයේ දිස්ත්‍රික් කමිටු රැස්වීමට හදීසියේ ගොඩවෙයි
07:30
Video thumbnail
BREAKING NEWS🔴තරංගත් ගෑවුණු තරඟ පවාදීමේ සිද්දීයේ නඩු තීන්දුව මෙන්න
02:18
Video thumbnail
නාමල් කරුණාරතන තාම තටමනවා - වී වලට සහතික මිලක් තාම නෑ
10:23
Video thumbnail
BREAKING NEWS 🔴HIV ගැන ඇඟ කිලිපොලා යන හෙළිදරව්වක්
09:39
Video thumbnail
අඹුඩෙ ගැටෙත් ගැලවිලා - නාමල් කරුණාරත්න නිර්වස්ත්‍ර වෙලා
09:46
Video thumbnail
BREAKING NEWS 🔴පොලිස් මූලස්ථානය අසල උණුසුම් තත්ත්වයක්
09:40
Video thumbnail
රටේ ආර්ථිකය හරියටම හසුරුවන විදිය රවීගෙන් ජනාධාපතිට උපදෙස්
02:53
Video thumbnail
ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් ජනාධිපති ලේකම් හමුවෙයි
00:57
Video thumbnail
වගා හානි වූ ගොවීන්ට වන්දි මුදල ලබාදෙයි - ජනාධිපතිතුමාට ගොඩාක් ස්තූතියි
05:01
Video thumbnail
පුල්මුඩේ ගිය හඳුන්නෙත්ති සැරෙන් කිව්ව කතාව - බලධාරීන් මීක් නෑ - කටවල් ලොක්වෙයි
03:29

?