රෝහලෙන් පළාගිය පුද්ගලයා දියේ ගිලී ජීවිතක්ෂයට

පොළොන්නරුව පරාක්‍රම සමූද්‍රයේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම පුද්ගලයා පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඊයේ (28) රෝහලෙන් පළාවිත් පරාක්‍රම සමූද්‍රයේ තෙප්පන් ඇලෙන් එගොඩවීමට උත්සාහ කිරීමේදී දියේ ගිලී මිය ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මිය ගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 50ක පමණ අයෙක් වන අතර ඔහු මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා බේරා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් සහ පොලොන්නරුව පොලිසියේ ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දැරූවද එය සාර්ථක වී නැහැ.

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය පරාක්‍රම සමූද්‍රයේ තෙප්පන් ඇලේ අඩි 25ක් පමණ ගැඹුරු ස්ථානයක තිබී ගොඩ ගනු ලැබුවේ ප්‍රදේශවාසීන් සහ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින්.

මෘත ශරීරය පොලොන්නරුව රෝහල් මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57