රෝහල් තුනක් වැසේ

රෝහල් තුනක් ඉන්ධන අර්බුදය හේතුවෙන් අද දිනයේ වසා ඇති පුවතක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වෙයි.ගල්නෑව ප්‍රදේශීය රෝහල, නෑගම්පහ ප්‍රාදේශිය රෝහල, කලාවැව ප්‍රාදේශීය රෝහල සහ ගල්නෑව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වසා දමා තිබේ. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට සේවයට වාර්තාකිරීම සඳහා ඉන්ධන නොමැතිකමින් මෙලෙස රෝහල් වසා දමා ඇති බවටය.