රෝයල් චැලෙන්ජස් බැංගලෝර් පිළෙන් දැනුම්දීමක්

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් සිය කණ්ඩායම තුළ රඳවා තබාගන්නා ක්‍රීඩකයින් සම්බන්ධව තවත් හෝරා කිහිපයකින් දැනුම්දීමට නියමිත බව රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම නිවේදනය කළා.

වෙන්දේසි ගතිකත්වය මත කණ්ඩායමේ යම් යම් වෙනස්කම් කිරීමට සිදුවන බවයි ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග නියෝජනය කරන බැංගලෝර් කණ්ඩායම සඳහන් කළේ.

කෙසේ වෙතත් අපි පසුගිය වසරේ එක්වූ සංචිතය කෙරෙහි දැඩි ලෙස විශ්වාස කරන අතර කණ්ඩායමක් ලෙස මතකයන් එම සියලු දෙනා සමඟ සදහටම පවතිනු ඇති බව ද ඔවුන් සඳහන් කරනවා.

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි සඳහා එක් එක් කණ්ඩායම තම කණ්ඩායම තුළ රඳවා තබා ගන්නා ක්‍රීඩකයින් සහ අලුතින් එක්කර ගන්නා ක්‍රීඩකයින් සම්බන්ධයෙන් මේ දිනවල නිවේදනයන් සිදුකරනු ලබනවා.

2023 තරගාවලිය වෙනුවන් එක් එක් කණ්ඩායමේ විසින් තම කණ්ඩායම තුළ රඳවා තබා ගන්නා ක්‍රීඩකයින් පිළිබඳව අද (15) සවස 5.00 ට පෙර ප්‍රකාශයට පත්කළ යුතු වනවා.

මේ අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝණි මෙවර අයි.පී.එල්. තරගාවලින් පසු විශ්‍රාම යාමේ සූදානමක් ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.23
00:00
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12