spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රෝයල් චැලෙන්ජස් බැංගලෝර් පිළෙන් දැනුම්දීමක්

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් සිය කණ්ඩායම තුළ රඳවා තබාගන්නා ක්‍රීඩකයින් සම්බන්ධව තවත් හෝරා කිහිපයකින් දැනුම්දීමට නියමිත බව රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම නිවේදනය කළා.

වෙන්දේසි ගතිකත්වය මත කණ්ඩායමේ යම් යම් වෙනස්කම් කිරීමට සිදුවන බවයි ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග නියෝජනය කරන බැංගලෝර් කණ්ඩායම සඳහන් කළේ.

කෙසේ වෙතත් අපි පසුගිය වසරේ එක්වූ සංචිතය කෙරෙහි දැඩි ලෙස විශ්වාස කරන අතර කණ්ඩායමක් ලෙස මතකයන් එම සියලු දෙනා සමඟ සදහටම පවතිනු ඇති බව ද ඔවුන් සඳහන් කරනවා.

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි සඳහා එක් එක් කණ්ඩායම තම කණ්ඩායම තුළ රඳවා තබා ගන්නා ක්‍රීඩකයින් සහ අලුතින් එක්කර ගන්නා ක්‍රීඩකයින් සම්බන්ධයෙන් මේ දිනවල නිවේදනයන් සිදුකරනු ලබනවා.

2023 තරගාවලිය වෙනුවන් එක් එක් කණ්ඩායමේ විසින් තම කණ්ඩායම තුළ රඳවා තබා ගන්නා ක්‍රීඩකයින් පිළිබඳව අද (15) සවස 5.00 ට පෙර ප්‍රකාශයට පත්කළ යුතු වනවා.

මේ අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝණි මෙවර අයි.පී.එල්. තරගාවලින් පසු විශ්‍රාම යාමේ සූදානමක් ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?