රෝමයේදී පාසල් සිසුවියක් ඝාතනය කළ ශ්‍රී ලාංකික සිසුවෙක් අත්අඩංගුවට

ඉතාලියේ රෝම අගනුවරදී පාසල් සිසුවියක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති 17 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

බදාදා සවස රෝමයේ වයඹදිග ප්‍රිමාවල් දිස්ත්‍රික්කයේ කසළ කන්ටේනරයක් අසල ට්‍රොලියක තිබී ගැහැණු ළමයාගේ සිරුර හමුවී ඇති අතර ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මෙම පිරිමි ළමයා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සැකකාර සිසුව ඔහු ජීවත් වන මහල් නිවාසයේදී දැරියටතියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බවට විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

සැකකරු දැරියගේ සිරුර කසළ බෑගයක දමා බැහැර කිරීමට සුදානම් වෙමින් සිටියදී යි පොලිස් අත්අඩංගුවට පත්වී ඇත්තේ.

ඉතාලියේ රෝම අගනුවර උපත ලැබූ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සැකකාර තරුණයා මෙලෙස ඝාතනය කර ඇත්තේ ඔහුගේ පෙම්වතිය බව ද සඳහන්.

රෝම නගරාධිපති Roberto Gualtieri බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ මෙම කෲර ඝාතනයෙන් තමා දැඩි කම්පනයට පත් වූ අතර මෙය කිසිසේත් පිළිගත නොහැකි ස්ත්‍රී ඝාතනයක් බවයි.

Maria Michelle Cauzo නම් මියගිය සිසුවිය ජීවිතයට හා අධ්‍යයනයට ආදරය කරන, අසල්වැසි සියල්ලන් දන්නා ප්‍රීතිමත් ගැහැණු ළමයෙකු බව මිතුරන් සහ හිතවතුන් සමාජ මාධ්‍ය සටහන් තබා තිබෙනවා.

මියගිය සිසුවියගේ සිරුරේ පිහි පහර 6ක් පමණ දක්නට ලැබෙන අතර සැකකාර සිසුවා ඇය ඝාතනය කර මළ සිරුර මාර්ගය දිගේ මීටර් සියයක් පමණ දුර රැගෙන ගොස්, වෙළඳ සැලක් අසල කසළ කරත්තයක තබා ඇති කුණු බෑගයක් තුළ සඟවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අසලින් ගිය අයෙකු මේ සම්බන්ධයෙන් දැක ආරක්ෂක අංශ දැනුවත් කර තිබෙනවා.

සැකකාර සිසුවා සිසුවියගේ සිරුර කුණු කූඩයට දැමීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවී ඇති අතර පසුව එය කුණු ගොඩවල්වලට නුදුරින් පිහිටි උද්‍යානයක බිත්තිය අසල ට්‍රොලියේක තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

පොලිසිය සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ පවහන්වල රුධිරය තැවරී තිබූ බව ද සඳහන්.

සිසුවිය නවාතැන් ගෙන සිටින නිවාස සංකීර්ණයේදී ඝාතනය සිදු කර සැකකාර සිසුවා එය මාර්ගයට රැගෙන විත් ඇති බවටයි පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
1
+1
8
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?