රෝමයේදී පාසල් සිසුවියක් ඝාතනය කළ ශ්‍රී ලාංකික සිසුවෙක් අත්අඩංගුවට

ඉතාලියේ රෝම අගනුවරදී පාසල් සිසුවියක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති 17 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

බදාදා සවස රෝමයේ වයඹදිග ප්‍රිමාවල් දිස්ත්‍රික්කයේ කසළ කන්ටේනරයක් අසල ට්‍රොලියක තිබී ගැහැණු ළමයාගේ සිරුර හමුවී ඇති අතර ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මෙම පිරිමි ළමයා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සැකකාර සිසුව ඔහු ජීවත් වන මහල් නිවාසයේදී දැරියටතියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බවට විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

සැකකරු දැරියගේ සිරුර කසළ බෑගයක දමා බැහැර කිරීමට සුදානම් වෙමින් සිටියදී යි පොලිස් අත්අඩංගුවට පත්වී ඇත්තේ.

ඉතාලියේ රෝම අගනුවර උපත ලැබූ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සැකකාර තරුණයා මෙලෙස ඝාතනය කර ඇත්තේ ඔහුගේ පෙම්වතිය බව ද සඳහන්.

රෝම නගරාධිපති Roberto Gualtieri බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ මෙම කෲර ඝාතනයෙන් තමා දැඩි කම්පනයට පත් වූ අතර මෙය කිසිසේත් පිළිගත නොහැකි ස්ත්‍රී ඝාතනයක් බවයි.

Maria Michelle Cauzo නම් මියගිය සිසුවිය ජීවිතයට හා අධ්‍යයනයට ආදරය කරන, අසල්වැසි සියල්ලන් දන්නා ප්‍රීතිමත් ගැහැණු ළමයෙකු බව මිතුරන් සහ හිතවතුන් සමාජ මාධ්‍ය සටහන් තබා තිබෙනවා.

මියගිය සිසුවියගේ සිරුරේ පිහි පහර 6ක් පමණ දක්නට ලැබෙන අතර සැකකාර සිසුවා ඇය ඝාතනය කර මළ සිරුර මාර්ගය දිගේ මීටර් සියයක් පමණ දුර රැගෙන ගොස්, වෙළඳ සැලක් අසල කසළ කරත්තයක තබා ඇති කුණු බෑගයක් තුළ සඟවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අසලින් ගිය අයෙකු මේ සම්බන්ධයෙන් දැක ආරක්ෂක අංශ දැනුවත් කර තිබෙනවා.

සැකකාර සිසුවා සිසුවියගේ සිරුර කුණු කූඩයට දැමීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවී ඇති අතර පසුව එය කුණු ගොඩවල්වලට නුදුරින් පිහිටි උද්‍යානයක බිත්තිය අසල ට්‍රොලියේක තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

පොලිසිය සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ පවහන්වල රුධිරය තැවරී තිබූ බව ද සඳහන්.

සිසුවිය නවාතැන් ගෙන සිටින නිවාස සංකීර්ණයේදී ඝාතනය සිදු කර සැකකාර සිසුවා එය මාර්ගයට රැගෙන විත් ඇති බවටයි පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36