රෝගීන් සිය ගණනක් ගාසා රෝහල් හැර යයි

රෝගීන් ඇතුළු සිය ගණනක් සෙනසුරාදා ගාසා නගරයේ ප්‍රධාන රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. වෛද්‍ය කාර්ය මණ්ඩලය පැවසුවේ රෝගීන්ට පිටව යන ලෙස ඊශ්‍රායලය දන්වා ඇතැයි තොරතුරු වාර්තා වන අතර ඊශ්‍රායලය එය ප්‍රතික්ෂේප කරන බවයි.

ආසන්නයේ සිදු වන වෙඩි තැබීම හමුවේ බොහෝ දෙනෙකු සුන්බුන් සහිත වීදිවල ඇවිදිමින් සිටිනු දක්නට ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හමාස් සෞඛ්‍ය නිලධාරීන් පැවසුවේ උතුරු ගාසා තීරයේ ජබාලියා හි පිපිරීම් දෙකකින් පුද්ගලයන් 80 දෙනෙකු මිය ගිය බවයි.

තමන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් පාසලක ක්‍රියාත්මක කරනු ලබන සහන කඳවුරකට පහර දුන් බවට ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරන බව ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ පාසලේ දර්ශන අනුව බොහෝ පුද්ගලයින් බරපතල තුවාල සහිතව ගොඩනැගිල්ලේ විවිධ කොටස්වල බිම වැතිර සිටින ආකාරය පෙන්නුම් කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

දර්ශනවල එවැනි ජීවිත හානි 20 කට වඩා දක්නට ලැබෙන අතර, මෙයින් අඩක් පමණ බිම් මහලේ එක් විශේෂිත කාමරයක දක්නට ලැබෙන අතර, සැලකිය යුතු හානියක සලකුණු ද පෙන්නුම් කරන බව සඳහන්.

හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 12,300 දක්වා ඉහළ ගොස් ඇති බවයි. තවත් 2,000කට වැඩි පිරිසක් සුන්බුන් යට වැළලී යනු ඇතැයි බිය පළ කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ කණ්ඩායමක් ඊශ්‍රායල හමුදාව විසින් අල්ලාගෙන ඉවත් කිරීමෙන් පසු එම අල්-ෂිෆා රෝහල මරණ කලාපයක් ලෙටයි විස්තර කර ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ සංවිධාන කණ්ඩායමක් පැයක කාලයක් රෝහල විමර්ශනය කර ඇති අතර ෂෙල් වෙඩි ප්‍රහාර සහ වෙඩි තැබීම් පිළිබඳ සාක්ෂි දුටු බවත්, රෝහල් දොරටුවේ සමූහ මිනීවළක් නිරීක්ෂණය කළ බවත් සඳහන් කර තිබෙනවා.

පුද්ගලයන් 80 දෙනෙකුගේ දේහයන් එහි ඇති බවයි ඔවුන් අනාවරණ කරගෙන ඇත්තේ.

කලින් ගාසා තීරයේ විශාලතම හා වඩාත්ම දියුණු රෝහල ලෙසට සැලකෙන අල්-ෂිෆා රෝහලට ඊශ්‍රායල හමුදාව විසින් ඉවත් කිරීමේ නියෝග ලැබෙන විට බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන් 300ක් රැඳී සිටි බව සඳහන්.

WHO කණ්ඩායම කියා සිටියේ ඉතිරි රෝගීන් සහ කාර්ය මණ්ඩලය ගාසා තීරයේ වෙනත් පහසුකම් වෙත හදිසි ඉවත් කිරීමට උත්සාහ කරන බවයි.

ඊශ්‍රායල ආරක්ෂක අංශ අල්-ෂිෆා ඉවත් කිරීමට නියෝග කළ බවට වන ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ අතර පිටවීමට අවශ්‍ය අයට ආරක්ෂිත මාර්ගයක් හරහා ඉවත් වීමට රෝහල් අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීමට එකඟ වූ බව සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?