රෝගියෙකුට ශාන්තිකර්මයක් කරන්න ආ කට්ටඩියා හදිසියේම මිය ගිහින්

රෝගියෙකුට ප්‍රතිකාර කිරීමට පැමිණි කට්ටඩියෙකු ශාන්ති කර්මය සිදුකරමින් සිටින අතර තුර හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකළ අවස්ථාවේ දී මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රම්බොඩගල්ල, ගනේගොඩ, පිහිඹූව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් බවයි පොලිසිය පැවසුවේ.

යම් අසනීප තත්ත්වයේ පසුවන ගල්ගමුව, කාටුවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට ශාන්ති කර්මයක් කිරීම සදහා කට්ටඩියා ඇතුළු කණ්ඩායමක් ඊයේ (26) සවස රෝගියාගේ නිවසට පැමිණ තිබෙනවා.

එලෙස පැමිණි ඔවුන් ශාන්තිකර්මය සිදුකරමින් සිටින අතර තුර අද (27) අලුයම් කාලයේ දී කට්ටඩියාට හදිසි අසනීප තත්ත්වයක් හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුව ඔහුව වහාම නාන්නේරිය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර, එලෙස රෝහල් ගතකරන විටත් ඔහු මියගොස් සිට ඇති බවයි වෛද්‍යවරුන් සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාන්නේරිය පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බල නහර ක#ගන්න එපා ජනාධිපතිතුමෝ - ප්‍රසාද් ජනාධිපතිගෙන් ඉල්ලයි
05:46
Video thumbnail
ලොරියක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළී සිදු වූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
සලේ ඇත්තටම මේකට සම්බන්ධද ? සාටකත් ගෑවිලද ? නාමල් සියල්ලට පිළිතුරු දෙයි
02:09
Video thumbnail
"බෑග් එක ඇරලා බලද්දි අම්මගේ කකුල් දෙක දැක්කා"සීදූවම සලිත කළ සිද්ධියේ නවතම දර්ශන
05:43
Video thumbnail
චානකගෙන් භයානක හෙළිදරව්වක් - ආණ්ඩුවෙන් රට තුළට සුදු මැස්සෝ ගෙනල්ලා..?
06:25
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම සියල්ල හෙළිකරයි
05:20
Video thumbnail
ඩොලර් එක උඩ යනවා රොකට් එක වගේ - රෝහිත නැගිටලා ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි
13:09
Video thumbnail
ආණ්ඩුවේ ඉන්න හොරු ටික අල්ලලා පෙන්නන්න
10:28
Video thumbnail
වාහන ආනයනය ගැන විශේෂ හෙළිදරව්වක්..සම්පූර්ණ මිථ්‍යාවක් සමාජ ගත කරලා
04:40
Video thumbnail
නාමල් පිල්ලෙයාන්ව බලන්න ගියා - චානක සියල්ල හෙළිකරයි
13:21