රෝගියෙකුට ප්‍රතිකාර කිරීමට පැමිණි කට්ටඩියෙකු ශාන්ති කර්මය සිදුකරමින් සිටින අතර තුර හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකළ අවස්ථාවේ දී මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රම්බොඩගල්ල, ගනේගොඩ, පිහිඹූව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් බවයි පොලිසිය පැවසුවේ.
යම් අසනීප තත්ත්වයේ පසුවන ගල්ගමුව, කාටුවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට ශාන්ති කර්මයක් කිරීම සදහා කට්ටඩියා ඇතුළු කණ්ඩායමක් ඊයේ (26) සවස රෝගියාගේ නිවසට පැමිණ තිබෙනවා.
එලෙස පැමිණි ඔවුන් ශාන්තිකර්මය සිදුකරමින් සිටින අතර තුර අද (27) අලුයම් කාලයේ දී කට්ටඩියාට හදිසි අසනීප තත්ත්වයක් හටගෙන ඇති බවයි වාර්තා වුණේ.
පසුව ඔහුව වහාම නාන්නේරිය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර, එලෙස රෝහල් ගතකරන විටත් ඔහු මියගොස් සිට ඇති බවයි වෛද්‍යවරුන් සඳහන් කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාන්නේරිය පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.




