AFC Banner
Empty Ad
Empty Ad

රෝගියා රෝහලට යවන ක්‍රමයක් හදා ගිලන් රථ රියදුරු මහ මග මිය ගිහින්

වවුනියාවේ සිට යාපනය ශීක්ෂණ රෝහල වෙත ඊයේ (07) රෝගියෙකු ප්‍රවාහනය කරමින් තිබූ ගිලන් රථයක රියදුරු හදිසියේම හෘදයාබාධයකට ලක්ව මිය යාමෙන් පසුව වෙනත් ගිලන් රථ රියදුරෙකු යොදවා රෝගියා රෝහල් ගත කොට ඔහුගේ ජීවිතය බේරා ගෙන තිබෙනවා.

ගිලන් රථ රියදුරා සංගුපිටිය පාලම ආසන්නයේදී හෘදයාබාධයකට ලක් වීමෙන් පසුව ඔහු ඉතා අපහසුවෙන් ගිලන් රථය නතර කොට මහමග ගමන් කළ අයෙකුට සිද්ධිය පවසා විනාඩි කීපයකින් ගිලන් රථය තුළම මියගොස් තිබේ. 

මහමග ගමන් කල පුද්ගලයා අදාල අංශ දැනුම්වත් කිරීමෙන් පසුව වෙනත් රෝහලකින් ගිලන් රථ රියදුරෙකු කැඳවා රෝගියා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඔහුගේ දිවි ගලවා ගැනීමට හැකි වී තිබේ. 

මියගිය ගිලන් රථ රියදුරාගේ මෘත ශරීරය වැඩිදුර පරීක්ෂණ සදහා පුනරීන් රෝහලට වෙත බාර දී ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?