රේගුවේ රඳවා ඇති කිරිපිටි බහාලුම් 06ක් ආනයන අපනයන රෙගුලාසි කඩකරමින් ආනයනය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.
අද (29) පාර්ලිමේන්තුව් දී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.
අදාළ කිරිපිටි බහාලුම්වල පරීක්ෂණ වාර්තාවක් ද ඔහු විසින් අද (29) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
කිරිපිටි ආනයනය කරන මුවාවෙන් එම ආනයනකරුවන් අමුද්‍රව්‍ය ගෙන්වා ඇති බව එම වාර්තාව මඟින් අනාවරණය වී තිබෙනවා.
එසේම කිරිපිටි ආනයනය සීමා කර නොමැති බැවින් වෙළෙඳපොළ තුළ කිසිසේත්ම කිරිපිටි හිඟයක් ඇති වීමේ අවදානමක් නැති බව ඔහු පැවසුවා.














ME HIRA KIREEMEN AHTHA HELI UNA. 1. DESHIYA KIRI PITI NISHPADAKAYO KYA GANNA UN KALETH MEHEMA SARAYAK NATHI MILK POWDER GENWALA UNGE DSIYA KIYALA GAHAPU PACKET WALA DALA MINISSUNTA WIKANAPU EKA. DESHIYA KIYA GANNA MILCO, PELWATTA DAN BOHOMA HINGAYI. MASA 1 1/2 KIN HIGHLAND KISIMA SATHOSA SUPER MARET EKAKATA AWITH NAHE. PELWATTA GIYA SIKURADA SITA EWANNE LOKU LORRYA DALA 24 PETTI 10-15.KALIN LORRYAK PIRAWALA AWA.
2. ANAYANAYA KALA KIRIPITI KIYAGANNA UN ME BALA POWDER GENATH EKA EKA DEWAL MISHRA KARALA PACKET KARALA MARKET EKATA DANA BAWA. DAN MIX KARANA DEWAL OKKOMA ALLAGENA CUSTOMER EKE THIYAGENA INNE. MUNTA DAN CHEMICAL MILK HADANNA DAN BAHE.