රු.5000 දීමනාව හිමිවන අලුත්ම පිරිස මෙන්න

රජයේ සේවකයන් සඳහා ලබාදීමට යෝජිත රුපියල් පන්දහසේ මාසික දීමනාව රජය සතු ව්‍යවසායන්හි අනෙකුත් සේවකයන්ට ලබාදීමට කටයුතු කරනවා.

ඒ අනුව සංස්ථා සහ ව්‍යස්ථාපිත මණ්ඩල සේවකයන්ට ද මෙම දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය භාණ්ඩාගාර ලේකම්වරයා විසින් මේ වනවිට යවා තිබෙනවා.

මේ මාසයේ සිට ලබාදීමට නියමිත එම රුපියල් පන්දහසේ දීමනාව අර්ධ රාජ්‍ය සේවකයන්ට හිමිවන්නේ ඒවායේ අධ්‍යක්ෂ මණ්ඩලවල තීරණ අනුවයි.

ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල විසින් අදාළ ආයතන වෙත යැවූ චක්‍රලේඛයේ සඳහන්.

ඒ අනුව වැටුප් රහිත නිවාඩු යටතේ සිටින සේවකයන්ට එම දීමනාව හිමි නොවන අතර, අර්ධ වැටුප් නිවාඩු ලබා සිටින සේවකයන්ට හිමිවන්නේ අදාළ දීමනාවෙන් සියයට 50 ක් පමණයි.

එමෙන්ම දෛනික වැටුප් ලබන සේවකයන්ට රුපියල් පන්දහසේ දීමනාව හිමිවන්නේ ඔවුන් නියමිත සියලු දිනයන්හිදී රාජකාරියට වාර්තා කළ විට වන අතර, එසේ නොවන අවස්ථාවන්හි දී වැඩකළ දිනවලට සමානුපාතික දීමනාවක් ඔවුන්ට හිමිවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?