රුසියාව, යුක්‍රේනයට දැවැන්තම ගුවන් ප්‍රහාරය දියත් කරයි

රුසියානු ගුවන් ප්‍රහාරයකින් හත්දෙනෙකු මිය ගිය බව යුක්‍රේනය පවසනවා.

රුසියාව මෙතෙක් යුක්‍රේනයට එල්ල කළ විශාලතම ගුවන් ප්‍රහාරය බවයි යුක්‍රේන ගුවන් හමුදා ප්‍රධානියා පවසන්නේ.

යුක්‍රේනයේ ප්‍රදේශවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයකට මෙලෙස ඊයේ (26) දිනයේ මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම ප්‍රහාරවලින් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාර මාලාව ඊයේ දින රාත්‍රියේ ආරම්භ වී ඇති අතර එය අද (27) අලුයම දක්වාම නොකඩවා පැවති බවයි වාර්තා වුණේ.

මේ අතර රුසියාව ප්‍රකාශ කළේ යුක්‍රේනයේ බලශක්ති යටිතල පහසුකම් ව්‍යුහයට මෙම ප්‍රහාරය දියත් කළ බවයි.

රුසියාව මිසයිල 127ක් සහ ඩ්‍රෝන ප්‍රහාර 109ක් එක රැයක් තුළ එල්ල කර ඇති බවයි යුක්‍රේන ගුවන් හමුදාවේ අණදෙන නිලධාරි මයිකොලා ඔලෙෂ්චුක් සඳහන් කළේ.

ඉන් මිසයිල 102ක් සහ ඩ්‍රෝන යානා 99ක් යුක්‍රේනය විසින් සාර්ථකව බිම හෙළා ඇති බව දා ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙම ප්‍රහාරය රුසියා – යුක්‍රේන යුද්ධයේ දී රුසියාව විසින් එල්ල කළ දැවැන්තම ගුවන් ප්‍රහාරය බවයි යුද විශ්ලේෂකයින් ද සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
3
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?