රුසියාව, යුක්‍රේනයට දැවැන්තම ගුවන් ප්‍රහාරය දියත් කරයි

රුසියානු ගුවන් ප්‍රහාරයකින් හත්දෙනෙකු මිය ගිය බව යුක්‍රේනය පවසනවා.

රුසියාව මෙතෙක් යුක්‍රේනයට එල්ල කළ විශාලතම ගුවන් ප්‍රහාරය බවයි යුක්‍රේන ගුවන් හමුදා ප්‍රධානියා පවසන්නේ.

යුක්‍රේනයේ ප්‍රදේශවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයකට මෙලෙස ඊයේ (26) දිනයේ මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම ප්‍රහාරවලින් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාර මාලාව ඊයේ දින රාත්‍රියේ ආරම්භ වී ඇති අතර එය අද (27) අලුයම දක්වාම නොකඩවා පැවති බවයි වාර්තා වුණේ.

මේ අතර රුසියාව ප්‍රකාශ කළේ යුක්‍රේනයේ බලශක්ති යටිතල පහසුකම් ව්‍යුහයට මෙම ප්‍රහාරය දියත් කළ බවයි.

රුසියාව මිසයිල 127ක් සහ ඩ්‍රෝන ප්‍රහාර 109ක් එක රැයක් තුළ එල්ල කර ඇති බවයි යුක්‍රේන ගුවන් හමුදාවේ අණදෙන නිලධාරි මයිකොලා ඔලෙෂ්චුක් සඳහන් කළේ.

ඉන් මිසයිල 102ක් සහ ඩ්‍රෝන යානා 99ක් යුක්‍රේනය විසින් සාර්ථකව බිම හෙළා ඇති බව දා ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙම ප්‍රහාරය රුසියා – යුක්‍රේන යුද්ධයේ දී රුසියාව විසින් එල්ල කළ දැවැන්තම ගුවන් ප්‍රහාරය බවයි යුද විශ්ලේෂකයින් ද සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49