රුසියාවේ පාසලක වෙඩි තැබීමක්

රුසියාවේ පාසලක සිදුකළ වෙඩිතැබීමකින් නව දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මාධ්‍යම රුසියාවේ ඉසේව්ස්ක් නගරයේ පාසලක මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර මෙම වෙඩි තැබීමෙන් මියගිය අය අතර ළමුන් 05 දෙනෙක්ද සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පුද්ගලයින් 20 දෙනෙකු මෙම වෙඩි තැබීමෙන් තුවල ලබා ඇති අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ද සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වුණේ.

සිසුන් දහසක් පමණ මෙම පාසල තුළ අධ්‍යාපනය හදාරන බව සඳහන්.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, තුවක්කුකරු නාසි සංකේත සහිත හිස් ආවරණයකින් සහ කළු ටීෂර්ටයකින් සැරසී සිටි බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?