AFC Banner
Empty Ad
Empty Ad

රුසියාවේ ඩැගෙස්තානයට ත්‍රස්ත ප්‍රහාරයක්

රුසියාවේ උතුරු කොකේසස් හි ඩැගෙස්තාන් ප්‍රදේශයේ දේවස්ථාන කිහිපයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊයේ (23) එල්ල වූ මෙම ප්‍රහාරයෙන් 09 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් හත්දෙනෙක් පොලිස් නිලධාරීන් බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව මියගිය පිරිස අතර , පූජකයෙකු සහ ආරක්ෂක නිලධාරියෙක් ද සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළා.

මේ අතර ප්‍රහාරය සඳහා පැමිණි ප්‍රහාරකයින්ගෙන් 06 දෙනෙකු ද පොලිස් වෙඩි ප්‍රහාරවලින් මියගොස් තිබෙනවා.

එමෙන්ම ප්‍රහාරකයින් සොයා රුසියානු පොලිසිය විමර්ශන අරඹා ඇති බවයි වාර්තා වුණේ.

ප්‍රහාරකයන් තවමත් හඳුනාගෙන නොමැති අතර, මොවුන් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් පිරිසක් බවටයි සැකපළ කරන්නේ.

ඩැගෙස්තානය සැළකෙන්නේ අතීතයේ දීත් ඉස්ලාම්වාදී ප්‍රහාර එල්ල වූ ස්ථානයක් ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
1
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?