රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරය කියෙව්හි මහල් 12ක නේවාසික ගොඩනැගිල්ලකට

කියෙව් අගනුවර ෂෙව්චෙන්කෝ දිස්ත්‍රික්කයේ මහල් 12 කින් යුත් නේවාසික ගොඩනැගිල්ලකට රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

අසල්වැසි මහල් නවයක ගොඩනැගිල්ලකට ද එයින් හානි සිදුව ඇති බවයි පැවසෙන්නේ

පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර 35 දෙනෙකු ගොඩනැගිල්ලෙන් ඉවත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ

ගින්න මැඩපවත්වා ඇති අතර දින දෙකක ඇඳිරි නීතිය මධ්‍යයේ නගරය පුරා සිටි  පදිංචිකරුවන් බංකර්වල, භූගත නිවාසවල සහ ඔවුන්ගේ නිවෙස්වල සැඟවී සිටින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?