රුසියානු තානාපතිවරයා හා කතානායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් එස්. ධාගරියන් මහතා පසුගියදා (25) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවුණා.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති මෙම රැස්වීමට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

මෙහිදී දඅහස් දැක්වූ රුසියානු තානාපතිවරයා 1956 දී ආරම්භ වූ රුසියාව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්වල වැදගත්කම අවධාරණය කළා.

දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාවට පැමිණෙන රුසියානු සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ අගයක් ගැනීම පිළිබඳව කතානායකවරයා සිය ප්‍රසාදය පළ කළ අතර, මෑතකදී කරන ලද පොහොර ප්‍රදානය ඇතුළු විවිධ අවස්ථාවන්හි දී රුසියාව දැක්වූ අඛණ්ඩ සහයෝගයට කෘතඥතාව පළ කළා.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරමින්, විවිධ අංශ ඔස්සේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22