රුසියානු ජනපති යුද අපරාධකරුවෙක් – අමෙරිකානු ජනපති කියයි

අර්බුද මධ්‍යයේ වුවද අමෙරිකාව සහ රුසියාව අතර පවතින හොද හිත පලුදු කරමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ප්‍රබල වාග් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යනු, යුධ අපරාධකරුවකු බව ජාත්‍යන්තරය හමුවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින්.

යුක්‍රේන අර්බුදයේදී රුසියානු හමුදාව එල්ල කරන ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ සිවිල් වැසියන් ඝාතනය වීම හෙලා දකිමින් අමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේ සිට එම ප්‍රකාශය නිකුත් කලා. එමෙන්ම රුසියාව යුක්‍රේනය ආක්‍රමණය ඇරඹීමෙන් පසුව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එල්ල කළ ප්‍රබලතම වාග් ප්‍රහාරය ද එයයි.

යුක්‍රේනයේ “නයේ මරිපෝල්” නගරයේ පිහිටි විශාලතම රෝහල තුළ වෛද්‍යවරුන් සහ රෝගීන් සිය ගණනක් රුසියානු හමුදාව විසින් ප්‍රාණ ඇපයේ තබාගෙන සිටින බවත් එය කෘර ක්‍රියාවක් බවත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළා.

යුක්‍රේනය වෙනුවෙන් ලෝක ප්‍රජාව එකමුතුව නැගී සිටිය යුතු බවයි අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කළේ. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෙම අදහස් දැක්වූයේ යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය අමතා සංවේදී ප්‍රකාශයක් සිදුකර පැය කීපයකින් පසුව වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?