රුසියානු ජනපති යුද අපරාධකරුවෙක් – අමෙරිකානු ජනපති කියයි

අර්බුද මධ්‍යයේ වුවද අමෙරිකාව සහ රුසියාව අතර පවතින හොද හිත පලුදු කරමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ප්‍රබල වාග් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යනු, යුධ අපරාධකරුවකු බව ජාත්‍යන්තරය හමුවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින්.

යුක්‍රේන අර්බුදයේදී රුසියානු හමුදාව එල්ල කරන ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ සිවිල් වැසියන් ඝාතනය වීම හෙලා දකිමින් අමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේ සිට එම ප්‍රකාශය නිකුත් කලා. එමෙන්ම රුසියාව යුක්‍රේනය ආක්‍රමණය ඇරඹීමෙන් පසුව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එල්ල කළ ප්‍රබලතම වාග් ප්‍රහාරය ද එයයි.

යුක්‍රේනයේ “නයේ මරිපෝල්” නගරයේ පිහිටි විශාලතම රෝහල තුළ වෛද්‍යවරුන් සහ රෝගීන් සිය ගණනක් රුසියානු හමුදාව විසින් ප්‍රාණ ඇපයේ තබාගෙන සිටින බවත් එය කෘර ක්‍රියාවක් බවත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළා.

යුක්‍රේනය වෙනුවෙන් ලෝක ප්‍රජාව එකමුතුව නැගී සිටිය යුතු බවයි අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කළේ. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෙම අදහස් දැක්වූයේ යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය අමතා සංවේදී ප්‍රකාශයක් සිදුකර පැය කීපයකින් පසුව වීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22