රුසියානු ජනපති මරියුපෝල් වෙත හදිසි සංචාරයක

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනයේ මරියුපෝල් වෙත හදිසි සංචාරයක නිරත වී තිබෙනවා.

පසුගිය 2022 වසරේ පෙබරවාරි මාසයේ යුක්රේනයට පහරදීම ආරම්භ කර මරියුපෝල් අල්ලා ගැනීමෙන් පසු ඔහු නගරයට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.

ගැටුම අතරතුර යුක්රේන දරුවන් දහස් ගණනක් රුසියාව විසින් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් පුටින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසුව මෙම සංචාරය සිදු වීම ද විශේෂත්වයක්.

පුටින් ඊයේ හෙලිකොප්ටරයකින් Mariupol වෙත පියාසර කර නගරයේ සංචාරය කර ඇති අතර මෝටර් රථයක් ද පදවාගෙන ගිය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ස්ථාන කිහිපයක සංචාරය කර ප්‍රදේශවාසීන් සමඟ කතා කළ අතර නගරයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ වාර්තාවක් ද විමසා බල තිබෙනවා.

මොස්කව් ප්‍රාදේශීය ආණ්ඩුකාර මිහායිල් රස්වෝෂායෙව් සමඟ ඔහු කළු මුහුදේ වරාය නගරයක් වන සෙවාස්ටොපෝල් වෙත පැමිණෙන බව රුසියානු රාජ්‍ය රූපවාහිනිය විකාශය කර ඇතැයි සඳහන්.

2022 වසරේ පෙබරවාරි මාසයේ ගැටුම ආරම්භයේ සිට යුක්රේන දරුවන් 16,000 කට වැඩි පිරිසක් රුසියාවට පිටුවහල් කර ඇති බවත්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ආයතනවල සහ කැපකරු නිවාසවල රඳවා ඇති බවත් යුක්රේනය පවසනවා.

ICC නීති සම්පාදක කරීම් ඛාන් විදෙස් මාධ්‍ය වෙත පැවසුවේ රුසියානු ජනාධිපතිවරයා අධිකරණයේ සාමාජික රටවල් 120න් එකකට හෝ පය තැබුවහොත් ඔහු අත්අඩංගුවට ගැනීමට එම බලධාරීන් කටයුතු කළ යුතු බවයි.

70-හැවිරිදි රුසියානු නායකයා වරෙන්තුව පිළිබඳව මෙතෙක් ප්‍රසිද්ධියේ අදහස් දක්වා නැහැ.

හේග් පදනම් කරගත් අධිකරණයේ මෙම නියෝගය පැමිණියේ රුසියානු චීන සබඳතාවල නව යුගයක් ආරම්භ කිරීම ලෙස හුවා දක්වන ගිවිසුම් අත්සන් කිරීම සඳහා චීන ජනාධිපති ෂී ජින් පිං හෙට මොස්කව් නිල සංචාරයක නිරත වීමට සුදානම් වෙමින් සිටියදී යි.

රුසියාවේ ප්‍රධාන මිත්‍ර රාජ්‍යයක් වන චීනය, යුක්‍රේන ගැටුමේ මැදිහත්කරුවෙකු ලෙස ලෙස සිටීමට උත්සාහ කර ඇති අතර, සාකච්ඡා ආරම්භ කරන ලෙස දෙපාර්ශවයෙන්ම ඉල්ලා තිබෙනවා.

රුසියාවේ මෙම ප්‍රහාර හෙළා දැකීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් බටහිර රටවල නායකයින් චීනය විවේචනය කර ඇති අතර, අදාළ මෙහෙයුම්වලට රාජ්‍ය තාන්ත්‍රික ආවරණයක් සපයන බවටයි චෝදනා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27