AFC Banner
AFC Banner
Empty Ad

රුසියානු ජනපති මරියුපෝල් වෙත හදිසි සංචාරයක

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනයේ මරියුපෝල් වෙත හදිසි සංචාරයක නිරත වී තිබෙනවා.

පසුගිය 2022 වසරේ පෙබරවාරි මාසයේ යුක්රේනයට පහරදීම ආරම්භ කර මරියුපෝල් අල්ලා ගැනීමෙන් පසු ඔහු නගරයට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.

ගැටුම අතරතුර යුක්රේන දරුවන් දහස් ගණනක් රුසියාව විසින් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් පුටින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසුව මෙම සංචාරය සිදු වීම ද විශේෂත්වයක්.

පුටින් ඊයේ හෙලිකොප්ටරයකින් Mariupol වෙත පියාසර කර නගරයේ සංචාරය කර ඇති අතර මෝටර් රථයක් ද පදවාගෙන ගිය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ස්ථාන කිහිපයක සංචාරය කර ප්‍රදේශවාසීන් සමඟ කතා කළ අතර නගරයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ වාර්තාවක් ද විමසා බල තිබෙනවා.

මොස්කව් ප්‍රාදේශීය ආණ්ඩුකාර මිහායිල් රස්වෝෂායෙව් සමඟ ඔහු කළු මුහුදේ වරාය නගරයක් වන සෙවාස්ටොපෝල් වෙත පැමිණෙන බව රුසියානු රාජ්‍ය රූපවාහිනිය විකාශය කර ඇතැයි සඳහන්.

2022 වසරේ පෙබරවාරි මාසයේ ගැටුම ආරම්භයේ සිට යුක්රේන දරුවන් 16,000 කට වැඩි පිරිසක් රුසියාවට පිටුවහල් කර ඇති බවත්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ආයතනවල සහ කැපකරු නිවාසවල රඳවා ඇති බවත් යුක්රේනය පවසනවා.

ICC නීති සම්පාදක කරීම් ඛාන් විදෙස් මාධ්‍ය වෙත පැවසුවේ රුසියානු ජනාධිපතිවරයා අධිකරණයේ සාමාජික රටවල් 120න් එකකට හෝ පය තැබුවහොත් ඔහු අත්අඩංගුවට ගැනීමට එම බලධාරීන් කටයුතු කළ යුතු බවයි.

70-හැවිරිදි රුසියානු නායකයා වරෙන්තුව පිළිබඳව මෙතෙක් ප්‍රසිද්ධියේ අදහස් දක්වා නැහැ.

හේග් පදනම් කරගත් අධිකරණයේ මෙම නියෝගය පැමිණියේ රුසියානු චීන සබඳතාවල නව යුගයක් ආරම්භ කිරීම ලෙස හුවා දක්වන ගිවිසුම් අත්සන් කිරීම සඳහා චීන ජනාධිපති ෂී ජින් පිං හෙට මොස්කව් නිල සංචාරයක නිරත වීමට සුදානම් වෙමින් සිටියදී යි.

රුසියාවේ ප්‍රධාන මිත්‍ර රාජ්‍යයක් වන චීනය, යුක්‍රේන ගැටුමේ මැදිහත්කරුවෙකු ලෙස ලෙස සිටීමට උත්සාහ කර ඇති අතර, සාකච්ඡා ආරම්භ කරන ලෙස දෙපාර්ශවයෙන්ම ඉල්ලා තිබෙනවා.

රුසියාවේ මෙම ප්‍රහාර හෙළා දැකීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් බටහිර රටවල නායකයින් චීනය විවේචනය කර ඇති අතර, අදාළ මෙහෙයුම්වලට රාජ්‍ය තාන්ත්‍රික ආවරණයක් සපයන බවටයි චෝදනා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?