රුසියානු ජනපති පුටින් ඉන්දියාවට

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නිල සංචාරයක් සඳහා ඊයේ (04) ඉන්දියාවට පැමිණියා.

ඒ, 23 වැනි ඉන්දියා-රුසියා වාර්ෂික සමුළුවට සහභාගී වීම වෙනුවෙන්.

ඉන්දියාවට පැමිණි රුසියානු ජනාධිපතිවරයාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් හිමිවූයේ ඉතා ඉහළ පිළිගැනීමක්.

රුසියානු ජනාධිපතිවරයා වෙනුවෙන් ඊයේ (04) රාත්‍රියේ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී විසින් පවත්වනු ලැබුවා.

මෙම සංචාරය අතරතුර, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ රාජ්‍ය අමුත්තන් වෙනුවෙන් වෙන් කර ඇති ඓතිහාසික හයිද්‍රාබාද් මන්දිරයේ පුටින් ජනාධිපතිවරයා නවාතැන් ගෙන සිටිනවා.

මේ අතර අද 05) දිනයේ දී ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන් හිදී රුසියානු ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය නිල සංචාරය අතර තුර රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට සැලසුම්කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඉන්දියා-ඇමරිකානු සබඳතාවල දෘශ්‍යමාන පසුබෑමක්, මොස්කව් වෙත නව බටහිර සම්බාධක, යුක්රේන යුද්ධය අවසන් කිරීමට බල කිරීම සඳහා ඇමරිකානු උත්සාහයන් අලුත් කිරීම සහ රුසියාව සමඟ ඉන්දියාවේ බලශක්ති සබඳතා මත වැඩෙන පීඩනය සමඟ අසාමාන්‍ය භූ දේශපාලනික කැළඹීම් පවතින අවස්ථාවක මෙම සංචාරය සිදුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?