පුද්ගලයන් හයදෙනෙකු රැගත් රුසියානු පෞද්ගලික ජෙට් යානයක් ඇෆ්ගනිස්ථානයේ කඳුකර ප්‍රදේශයකට කඩා වැටී තිබෙනවා.
මෙම යානය ඊයේ (20) රාත්‍රියේ ඇෆ්ගනිස්ථානයේ බඩක්ෂාන් පළාතේ සෙබක් ප්‍රදේශයට මෙලෙස කඩා වැටී ඇති බවයි මේ වනවිට තහවුරු කරගෙන ඇත්තේ.
සෙබක් යනු ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල් සිට කිලෝමීටර් 250ක් පමණ ඊසාන දෙසින් පිහිටි ග්‍රාමීය ප්‍රදේශයක්.
මේ අතර රුසියානු සිවිල් ගුවන් සේවා බලධාරීන් පැවසුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් හතර දෙනෙකු සහ මගීන් දෙදෙනෙකු සමඟ Dassault Falcon 10 යානය අතුරුදහන් වූ බවයි.
රුසියාවේ ලියාපදිංචි මෙම ගුවන් යානය සමඟ පැවති සන්නිවේදන කටයුතු ඇණහිට රේඩාර් පද්ධතියෙන් එක්වරම අතුරුදහන් වූ බවයි බලධාරීන් පවසන්නේ.
අදාළ ගුවන් යානය තායිලන්තයේ පතායා ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මොස්කව් බලා පැමිණීමට ගුවන් ගත වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.




