රුසියානු ගුවන් යානයක් ඇෆ්ගනිස්ථානයට කඩාවැටේ

පුද්ගලයන් හයදෙනෙකු රැගත් රුසියානු පෞද්ගලික ජෙට් යානයක් ඇෆ්ගනිස්ථානයේ කඳුකර ප්‍රදේශයකට කඩා වැටී තිබෙනවා.

මෙම යානය ඊයේ (20) රාත්‍රියේ ඇෆ්ගනිස්ථානයේ බඩක්ෂාන් පළාතේ සෙබක් ප්‍රදේශයට මෙලෙස කඩා වැටී ඇති බවයි මේ වනවිට තහවුරු කරගෙන ඇත්තේ.

සෙබක් යනු ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල් සිට කිලෝමීටර් 250ක් පමණ ඊසාන දෙසින් පිහිටි ග්‍රාමීය ප්‍රදේශයක්.

මේ අතර රුසියානු සිවිල් ගුවන් සේවා බලධාරීන් පැවසුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් හතර දෙනෙකු සහ මගීන් දෙදෙනෙකු සමඟ Dassault Falcon 10 යානය අතුරුදහන් වූ බවයි.

රුසියාවේ ලියාපදිංචි මෙම ගුවන් යානය සමඟ පැවති සන්නිවේදන කටයුතු ඇණහිට රේඩාර් පද්ධතියෙන් එක්වරම අතුරුදහන් වූ බවයි බලධාරීන් පවසන්නේ.

අදාළ ගුවන් යානය තායිලන්තයේ පතායා ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මොස්කව් බලා පැමිණීමට ගුවන් ගත වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සේවකයින්ට ප#ර දුන් සිද්ධියට Mr. කොත්තු හිමිකරු අත්අඩංගුවට
02:15
Video thumbnail
නිදහස් පක්ෂය බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නේ - නීති විරෝධීයි
03:31
Video thumbnail
ගාල්ලේ ඉදලා ඇවිත් අනුරාධපුරේ ආච්චි කෙනෙක්ට සත්තම දැම්ම චණ්ඩි
01:46
Video thumbnail
අනුර - සජිත් හමුවෙයි.. විශේෂ සාකච්ඡාවක්
04:29
Video thumbnail
අපේ ඉලක්කය වසර 5 තුළදි හෙද සේවයට 13600ක් බැඳවා ගැනීම l Nalinda Jayatissa
13:41
Video thumbnail
තෙල් මිල අඩු කරන්න එපා, රු 650ක් වෙනකම් වැඩි කරන්න
04:00
Video thumbnail
ජනාධිපතිතුමා කරපු වැඩේ දැකලා මිනිස්සු පුදුම වෙයි
01:16
Video thumbnail
අතුරුගිරියේ නිවසකින් අධි බලැති යතුරුපැදි පහක් කොටුවෙයි - කොහොමද බයික් ටික?
02:22
Video thumbnail
මගේ පැන්ට්‍රියට එන ඇමතිවරු දැන් ඉන්නේ - ආපු ගමන් අහන්නේ කෑම ගැන
04:19
Video thumbnail
නාමල් විතරයි ජනතාව වෙනුවෙන් ආවේ - මිහින්තලේ හිමි ආණ්ඩුව සැරටම අමතයි
12:51