රුසියන් ගිනි අවියක් සමග ව්‍යාපාරිකයෙකු අල්ලයි

රුසියාවේ නිෂ්පාදිත ‘ෂොට් ගන්’ වර්ගයේ ගිනි අවියක් සොරාගෙන පාදුක්ක – වටරැක ප්‍රදේශයේ කුණු ගොඩක් යට සඟවා තැබූ අයෙකු එම ගිනි අවිය ද සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, පාදුක්ක පොලිස් වසමේ නිවසක් බිඳ එහි තිබූ බලපත්‍ර සහිත මෙම ගිනි අවිය සහ රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් කිසිවෙකු විසින් සොරා ගෙන ඇති බවට ඉකුත් 2024 වර්ෂයේ දී පාදුක්ක පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබූ බවයි.

මත්ද්‍රව්‍ය සමගින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් ලද තොරතුරකට අනුව අදාළ ගිනි අවිය සොයාගැනීමට හැකි වී තිබෙන බවත් පොලිසිය සඳහන් කළා.

මෙම ගිනි අවිය යොදාගෙන යම්කිසි අපරාධමය කටයුත්තක් සිදුව ඇති දැයි සොයා බැලීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත අදාළ ගිනි අවිය යොමු කිරීමට නියමිතයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පාදුක්ක වටරැක ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?