රුසියන් ගිනි අවියක් සමග ව්‍යාපාරිකයෙකු අල්ලයි

රුසියාවේ නිෂ්පාදිත ‘ෂොට් ගන්’ වර්ගයේ ගිනි අවියක් සොරාගෙන පාදුක්ක – වටරැක ප්‍රදේශයේ කුණු ගොඩක් යට සඟවා තැබූ අයෙකු එම ගිනි අවිය ද සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, පාදුක්ක පොලිස් වසමේ නිවසක් බිඳ එහි තිබූ බලපත්‍ර සහිත මෙම ගිනි අවිය සහ රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් කිසිවෙකු විසින් සොරා ගෙන ඇති බවට ඉකුත් 2024 වර්ෂයේ දී පාදුක්ක පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබූ බවයි.

මත්ද්‍රව්‍ය සමගින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් ලද තොරතුරකට අනුව අදාළ ගිනි අවිය සොයාගැනීමට හැකි වී තිබෙන බවත් පොලිසිය සඳහන් කළා.

මෙම ගිනි අවිය යොදාගෙන යම්කිසි අපරාධමය කටයුත්තක් සිදුව ඇති දැයි සොයා බැලීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත අදාළ ගිනි අවිය යොමු කිරීමට නියමිතයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පාදුක්ක වටරැක ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15