AFC Banner
AFC Banner
Empty Ad

රුපියල් හැත්තෑලක්ෂ පනස්දහසක් වන දුම්වැටි හොරෙන් රටට ගෙනා කත අල්ලයි

විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනවිත් ඒවා සූක්ෂ්ම ලෙස කටුනායක ගුවන් තොටුපොළෙන් තීරුබදු නො ගෙවා පිටමං කිරීමට උත්සාහ කළ කාන්තාවක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අද (03) අලුයම 01.45ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන්
සැකකාර මගී කාන්තාව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

මෙම දුම්වැටි තොගයේ වෙළෙඳපොළ දළ තක්සේරු වටිනාකම රුපියල් හැත්තෑ ලක්ෂ පනස් දහසක් වටිනා බවට හෙළි ව තිබෙනවා.

සැකකාරිණිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.

ඇය හෝකන්දර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි වියේ පසුවන පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක මූල්‍ය කළමනාකාරීවරියක් බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඇය විසින් රැගෙන ආ ගමන් මළු තුළ තිබී “ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි 47,000ක් අඩංගු දුම්වැටි කාටූන් 235ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයාගනු ලැබුවා.

මේ වනවිට ඇය පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, එළඹෙන 05 වැනි දින නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගය සමග මෙම කාන්තාව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?