රුපියල් ලක්ෂ 14 ක අධික ඉන්ධන සමග පුද්ගලයෙකු අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් 2022.06.07 වන දින සපුගස්කන්ද පොලිස් වසමේ පෞද්ගලික ආයතනයකට අයත් ගබඩා භූමියේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී පැය 1700 ට නීති විරෝධී ලෙස රඳවා තබාගත් ඉන්දන පිරවූ බවුසර් රථයක් සමග ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවු. 53 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. එම අවස්ථාවේ බවුසර් රථයේ රුපියල් ලක්ෂ 14 ක අධික වටිනා කමකින් යුත් ඩීසල් ලීටර් 3500 කට ආසන්න ප්‍රමාණයක් තිබුනු අතර, ඉතා සූක්ෂම අයුරින් මෙම ඉන්ධන ජාවාරම සිදුකර ඇත.

රාත්‍රී කාලයේ මෙම බවුසර් රථයෙන් ඉන්ධන ලබාගෙන සුපෝඛභෝගී රථයකින් විවිධ ස්ථාන වලට රැගෙන ගොස් වැඩි මිලට අලෙවි කරන බවට තොරතුරු අනාවරණය වී ඇත. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු හා බවුසර් රථය සපුගස්කන්ද පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මහජනතාව පීඩාවට පත් කරමින් සිදුකර මෙම ඉන්ධන ජාවාරම් හසුකර ගැනීමේ මෙහෙයුම් විශේෂ කාර්ය බලකාය දිවයින පුරා ක්‍රියාත්මක කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29