spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රුපියල් ලක්ෂ 14 ක අධික ඉන්ධන සමග පුද්ගලයෙකු අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් 2022.06.07 වන දින සපුගස්කන්ද පොලිස් වසමේ පෞද්ගලික ආයතනයකට අයත් ගබඩා භූමියේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී පැය 1700 ට නීති විරෝධී ලෙස රඳවා තබාගත් ඉන්දන පිරවූ බවුසර් රථයක් සමග ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවු. 53 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. එම අවස්ථාවේ බවුසර් රථයේ රුපියල් ලක්ෂ 14 ක අධික වටිනා කමකින් යුත් ඩීසල් ලීටර් 3500 කට ආසන්න ප්‍රමාණයක් තිබුනු අතර, ඉතා සූක්ෂම අයුරින් මෙම ඉන්ධන ජාවාරම සිදුකර ඇත.

රාත්‍රී කාලයේ මෙම බවුසර් රථයෙන් ඉන්ධන ලබාගෙන සුපෝඛභෝගී රථයකින් විවිධ ස්ථාන වලට රැගෙන ගොස් වැඩි මිලට අලෙවි කරන බවට තොරතුරු අනාවරණය වී ඇත. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු හා බවුසර් රථය සපුගස්කන්ද පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මහජනතාව පීඩාවට පත් කරමින් සිදුකර මෙම ඉන්ධන ජාවාරම් හසුකර ගැනීමේ මෙහෙයුම් විශේෂ කාර්ය බලකාය දිවයින පුරා ක්‍රියාත්මක කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?