රුපියල් දහසේ නෝට්ටු තොගයක් සමඟ ඉහළ නිළධාරියෙක් මාට්ටු

රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් ළඟ තබාගෙන සිටි විධායක ශ්‍රේණියේ විගණන නිලධාරියෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැල්ලව පොලීසිය පැවසීය.

සැකකරු වැල්ලව ප්‍රදේශයේ වෙළඳසැලකින් ව්‍යාජ දහසේ නෝට්ටුවක් ලබාදී භාණ්ඩ මිළදී ගැනීමට යාමේදී ව්‍යාපාරිකයාට ඇතිවූ සැකයක් මත කරන ලද පැමිණිල්ලකින් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වෙසෙන කුඹුක්වැව සිංහරාජ ප්‍රදේශයේ නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ තිබී තවත් ව්‍යාජ නෝට්ටු 16 ක් පොලීසියට හමුවී තිබේ.

වැල්ලව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !