AFC Banner
AFC Banner
Empty Ad

රුපියල් කෝටි 03කට අධික වටිනා ෆෝන් සහ ටැබ් මෙරටට ගෙන්වූ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

රුපියල් කෝටි තුනක් වටිනා ජංගම දුරකථන සහ ටැබ් පරිගණක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු ඊයේ (13) සවස කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු ඉකුත් 01 වැනි දින සවස 04.30ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණිය ද, ඔහුගේ ගමන් මළු එම ගුවන් යානයේ රැගෙන විත් නොතිබුණු බවයි වාර්තා වූයේ.

පසුව වෙනත් ගුවන් යානයකින් එම ගමන් මළු කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ අතර, ඒවා නිදහස් කර ගැනීම සඳහා මෙම ව්‍යාපාරිකයා ඊයේ දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

එහිදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් එම ගමන් මළු පරීක්ෂා කිරීමේ දී, ඒ තුළ සඟවා ගෙන තිබූ නවීනතම ජංගම දුරකථන 180ක් සහ ටැබ් පරිගණක 05 සොයාගත් බවයි වාර්තා වන්නේ.

මොහු කොළඹ – 13 කොටහේන ප්‍රදේශයේ පදිංචි, නිතර නිතර ගුවන් ගමන්වල නිරත වන 45 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම ව්‍යාපාරිකයා අත්අඩංගුවේ තබාගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?