රුපියල් කෝටි 03කට අධික වටිනා ෆෝන් සහ ටැබ් මෙරටට ගෙන්වූ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

රුපියල් කෝටි තුනක් වටිනා ජංගම දුරකථන සහ ටැබ් පරිගණක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු ඊයේ (13) සවස කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු ඉකුත් 01 වැනි දින සවස 04.30ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණිය ද, ඔහුගේ ගමන් මළු එම ගුවන් යානයේ රැගෙන විත් නොතිබුණු බවයි වාර්තා වූයේ.

පසුව වෙනත් ගුවන් යානයකින් එම ගමන් මළු කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ අතර, ඒවා නිදහස් කර ගැනීම සඳහා මෙම ව්‍යාපාරිකයා ඊයේ දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

එහිදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් එම ගමන් මළු පරීක්ෂා කිරීමේ දී, ඒ තුළ සඟවා ගෙන තිබූ නවීනතම ජංගම දුරකථන 180ක් සහ ටැබ් පරිගණක 05 සොයාගත් බවයි වාර්තා වන්නේ.

මොහු කොළඹ – 13 කොටහේන ප්‍රදේශයේ පදිංචි, නිතර නිතර ගුවන් ගමන්වල නිරත වන 45 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම ව්‍යාපාරිකයා අත්අඩංගුවේ තබාගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49