රුපියලට සාපේක්ෂව ඩොලරයේ වටිනාකම ගූගල් එකට වරදී

ලෝක ප්‍රකට ගූගල් සෙවුම් යන්ත්‍රය විසින් ශ්‍රී ලංකා රුපියල් අගය තවදුරටත් වර්ධනයක් කර ඇති බව අද පෙන්නුම් කර තිබුණා.

එම වෙබ් අඩවියට අනුව ඇමරිකානු ඩොලරය ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව රුපියල් 236 දක්වා පහත බැස ඇති බවයි සටහන් වුයේ.

කෙසේවෙතත් එය නිවැරදි තොරතුරක් නොවන අතර අද දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයට අනුව ඩොලරයක ගැනුම් අනුපාතිකය සටහන් වූයේ රුපියල් 318.27ක් ලෙසටයි. එහි විකුණුම් මිල රුපියල් 336 ලෙස සටහන් වී තිබුණා.

එමෙන්ම බ්‍රිතාන්‍ය පවුමක් ද ගූගල් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ රුපියල් 293ක් ලෙසටයි. කෙසේවෙතත් පසුව ටික වේලාවකින් එය නිවැරදි කර තිබුණා.

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද තවදුරටත් අවප්‍රමාණය වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කර තිබුණේ.

එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය ඊයේ පැවතියේ රුපියල් 317.71ක් ලෙසටයි.

තවත් විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව රුපියලද අද දිනයේදී සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී තිබුණා.

Dollars 1
WhatsApp Image 2023 03 31 at 21.04.12
Central Bank 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15